අළුත් අවුරුදු ආශිර්වාද පිංකම සහ ළමා බක්මහ උළෙල
උදාවන නව වසරට සෙත් පතා සිදුකරන ආශිර්වාදාත්මක පිංකම සහ අපේ දූදරුවන් වෙනුවෙන් පවත්වන බක්මහ උළෙල.
# පවුලේ ඔබ සියලු දෙනාටත් ලක් වසී සියලු දෙනාටත් සෙත් පතා 16-04-2022 වන දින උදාවන නව වසර වෙනුවෙන් පෙ:ව: 08.00 ට පැවැත්වෙන ආශිර්වාදාත්මක අටවිසි බෝධි පූජාව සහිත සෙත් පිරිත් දේශනාව සිදුකරන අතර කිරි ඉතිරවීම සහ ළමුන් වෙනුවෙන් පැවැත්වන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මූලික කරගත් බක්මහ උළෙල ඉන් අනතුරුව පැවැත් වේ.
# “ආරාම රෝපා වන රෝපා”(ආරාම උයන්වතු තැනීම ඉතා පිං වැඩෙන පිංකමකි)
පිංවත් ඔබ සියලු දෙනාට විහාරස්ථානයේ රෝපණය කිරීම සඳහා පැලයක් රුගෙන ඒමට හෝ එදින පැවැත්වෙන පැල සල්පිලෙන් පැලයක් මිලදී ගැනීමට ද හැකිය.
# “අපි අපේම ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමු”
ශ්‍රී ලංකාවේ පවතින අපමණ දුෂ්කරතා හමුවේ පීඩාවන්ට පත්ව සිටින අහිංසක ජනතාව වෙනුවෙන් පිහිටක් වීම සඳහා අප විහාරස්ථානය මඟින් වියළි සළාක අසරණ පවුල් වෙනුවෙන් ලබාදීමට අවශ්‍ය කටයුතු මෙ වනවිට සංවිධානය කරමින් පවති.එ අනුව ඔබටත් හැකි අයුරින් වියළි ආහාර ද්‍රව්‍ය මෙම මස අවසානයට පෙර විහාරස්ථානයට ලබා දී අපි අපේම ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමු.
තෙරුවන් සරණයි…!